ADVERTESMENT
ADVERTESMENT
කොන්දේ වේදනාව සදහටම නැති කරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

කොන්දේ වේදනාව කියන්නෙ ඉතාමත් පීඩාකාරී රෝගයක්. මෙය බාල මහළු වෙනසකින් තොරව සුලබව අසන්නට ලැබෙන රෝගී තත්වයක්. කොන්දේ වේදනාව ඕනෑම තැනකදී ඕනෑම වේලාවක අපට දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවල ඕනෑම කෙනෙක් අසරණභාවයට පත්වෙනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ මේ අසහනකාරී තත්වය නැති කරගන්න පුළුවන් ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

මුලිකව කහ උපයෝගී කරගෙන හදන මෙම ඛෙහෙත දිනකට ඒක තේ හැන්දක් බැගින් පානය කරන්න ඕනි. ගුණ පිළිබද ගත්තාම කහ විෂබීජ සහ පරපෝෂිතයන් නසයි. සෙම, මේදය ආදිය විනාශ කරයි. රුධිර සංසරණය වැඩි දියුණු කරයි. එමගින් පරිවෘර්තිය ක්‍රියා සම්පුර්ණ කරයි. කහ වල තිත්ත විෂ වීම, උණ, ආසාධන, රුධිර ආශ්‍රිත රෝග සහ සම ආශ්‍රීත රෝග වලට ප්‍රතිකාර සදහා සුදුසුම අංගයයි. එසේම ශරීරයේ මේදය, වණ, දහඩිය, කැසීම්, මව් කිරි පිරිසිදු කරයි, අක්මාව සහ ගර්භාෂය ද පිරිසිදු කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

කහ කුඩු ග්රෑම් 40ක්
වතුර මිලි ලීටර් 100-150

සාදාගන්නා ආකාරය:

වතුරට කහ මිශ්‍ර කර හොදින් කලවම් කර උතුරවන්න. මෙසේ විනාඩි 8ක් පමණ ලිපේ තබා ගෙන මිශ්‍රණය උකු වනතෙක් නිරතුරුව හැඳි ගාන්න. යෝගට් එකක් මෙන් මෙම මිශ්‍රණය ඝන විය යුතුයි. වැඩිපුර ඝන වුනොත් නැවතත් වතුර ටිකක් එකතු කරන්න.

මෙසේ මිශ්‍රණය හදන අතරතුර කිරි මිශ්‍රණයද හදා ගන්න.

කිරි මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

කිරි මිලි ලීටර් 250
අල්මොන්ඩ් තෙල් මිලි ලීටර් 40 (මේස හැඳි 2ක්)
මී පැණි අවශ්‍ය ලෙස

කිරි උණු කර එයට අල්මොන්ඩ් ඔයිල් එකතු කරන්න. ලිපෙන් බාලා වීදුරුවකට දමා අපි මුලින් හදා ගත් කහ මිශ්‍රණය තේ හැඳි 1ක් එකතු කරන්න. ඔබට අවශ්‍ය ලෙස මීපැණි ටිකක් එකතුකර රස කර ගන්න.

හදා ගන්න කහ මිශ්‍රණය දින 40ක් ශීතකර තබා ගන්න පුළුවන්. මිශ්‍රණයෙන් තේ හැන්දක් මගින් උණු කිරි වලට එකතු කර දිනපතා පානය කරන්න.

සැලකිය යුතුයි - කහ වල මුත්‍රා වර්ධක ගුණ අඩංගු නිසා මුත්‍රාශය ආශිත රෝගීන් පානය නොකරන්නේ නම් හොදයි.


2,549


Views
Hip Pain Treatment
Hip pain is a common complaint that can be caused by a wide variety of problems. The precise location of your hip pain can provide valuable clues about the underlying cause.

Problems within the hip joint itself tend to result in pain on the inside of your hip or your groin. Hip pain on the outside of your hip, upper thigh or outer buttock is usually caused by problems with muscles, ligaments, tendons and other soft tissues that surround your hip joint.

Hip pain can sometimes be caused by diseases and conditions in other areas of your body, such as your lower back. This type of pain is called referred pain.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-