ADVERTESMENT
ADVERTESMENT
ඔබෙත් ඇස් යට කළු වෙලාද ? එහෙනම් මෙන්න බෙහෙත

ඇස් වටා කළු වීමට ඔබ කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

ඇස් වටා කළු වීම විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්.  පරම්පරාවෙන්, වයස, කන කෑම වගේ හේතු රැසක් මෙයට හේතු වෙන්න පුළුවන්. හුඟක් අම්මලට විවේකය අඩුකම, නින්ද අඩුකම නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. හැකිතරම් ඇස් වලට නින්ද ලබාදීම වැදගත් වුනත් ඒ අතරට ඔබට කොයිතරම් ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර සිදුකර බලන්න පුළුවන්.

*මෙම අමුද්‍රව්‍ය ඇස් වටා ගලවන විට ඔබට අසාත්මිකතා ඇතිවේදැයි පරික්ෂා කර බලා එය තවදුරටත් සිදු කරන්න.

1. පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලින් ඇසට හා සමට සිසිල් බවක් ලැබෙනවා වගේම මේ එළවළු වර්ගය සමට හිතකරයි. ඒ නිසා එමගින් ඇස් යට ඇති කළු ගතිය ඉවත් කරන්නත් පුළුවන්. පැය භාගයක් පමණ ශිත කළ පිපිඤ්ඤා පෙති ඇස් මත හා අවට ප්‍රදේශයේ මිනිත්තු 10 ක් පමණ තබා පිරිසිදු වතුරින් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් සිදු කරන්න.

2. අර්තාපල්

අර්තාපල් සමේ පැහැය ඇති කිරීමට සමත් වෙනවා. ඒ වගේම ඇස් යට කළු ගතියට ඉතාම හොඳයි. පිපිඤ්ඤා වගේම ඝනකම ඇති අර්තාපල් පෙති කිහිපයක් ගෙන පොඩි කරගත් යුෂ හෝ එම යුෂ වල පොඟවා ගත් පුළුන් කැබලි දෙකක් ඇස් වටා තබා මිනිත්තු 10-15 දක්වා සිටින්න. මෙයත් දිනකට දෙවරක් පමණ සිදු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

3. පොල්තෙල්

පොල්තෙල් ඇස් වටා කළු පැල්ලම් ඉවත් කරනවා. එපමණක් නොවෙයි ඉතා හොඳ මොයිචර්රයිස් එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. සම සුමුදු කරලා සමේ රැළි වැටීම හා ඉරි ඇති වීම වළකනවා. වර්ජින් පොල්තෙල් වල ඇඟිලි ගිල්වා ඇස් යට ඉතා මෘදු ලෙස මසාර්ජ් කරන්න. පැයකට පමණ පසු මුහුණ සෝදා හරින්න. දිනකට දෙවරක් කිරීම වැදගත්.

4. තේ බෑග්

ඇස් වල ඉදිමීම හා ඇස් වටා කළුවීමට තේ වල ඇති කැෆේන් හා ඇන්ටිඔක්සිඩන්ට් උදවු වෙනවා. පැය ½ ක් පමණ ශීතකරණයේ තැබූ කොළ හෝ කළු තේ බෑග් ඇස් මත මිනිත්තු 10-15 ක් දක්වා තබා දිනකට වරක් හෝ දෙවරක් ප්‍රතිඵල ලැබෙන තුරු අත්හදා බලන්න.

5. ලෙමන් යුෂ

ලෙමන් වල ඇති ස්වභාවික බ්ලීචින් ගුණයෙන් ඉතා මෘදු ඇස්ට්‍රජන්ට් ඇති නිසා සමට හිතකර වෙනවා. පුළුන් කැබල්ලක් ගෙන ලෙමන් යුෂ වල පොඟවා ඇස් වටා ඉතා පරිස්සමෙන් ආලේපකර මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න. මෙය දිනකට වරක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
8,847


Views
How to Remove Under Eye Dark Circles