ADVERTESMENT
ADVERTESMENT
ඔබත් මේ වැරදි කරන්න පුරුදුවෙලානම් ඔබේ සුන්දරත්වය ඉක්මණින් නැති වෙලා යයි

ඕනෑම තරුණියක් කැමති ලස්සනට පිළිවෙලට ඉන්නනේ. එහෙම ලස්සනට ඉන්න  ගොඩක් දෙනා අධික ලෙස වියදම් කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒවා නිෂ්ඵල වන අවස්ථාද බොහොමයි.

ඒත් ඔබ නොදන්නාව වුනාට ඔබ පුරුදු වෙලා සිටින සමහර වැරදි දේවල් නිසා ඔබගේ සුන්දරත්වයට ඔබම හානි කරගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ එවැනි ඔබ නිතරම කරන වැරදි කිහිපයක්. ඒවා ඔබේ පුරුදුවලින් ඈත් කරගත්තොත්නම් ඔබටත් පුළුවන් ඔබේ සුන්දරත්වය පහසුවෙන්ම ආරක්ෂා කරගන්න.

01. ඇහි බැම සකස් කිරීම

ගොඩක් දෙනා කරන වැරද්දක් තමයි මේකප් දාන්න කලින් ඇහිබැම ගලවන එක. ඒක ඔයා කරන ලොකුම වැරැද්දක්. මෙහෙම කරන එකෙන් නොයෙකුත් ආසාදනයන් ඇති
වෙන්න පුළුවන්. ඒවගේම ඇහිබැම ගලවපු ගමන්ම මේකප් දැමීමෙන් ඔයාගේ දෑස් අවට අසාදනය වී කැළැල් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හදිස්සියට එහෙ මෙහෙ යන්න බලාගෙන මේ දේවල් කරන්න එපා.

02. නිතරම මුහුණට පවුඩර් යෙදීම

මේකත් ගොඩාක් නරක පුරුද්දක්. තෙල් ගතියක් දැනෙන හැම විටම මුහුණට පවුඩර් ආලේප කිරීම, දහදිය සමග නැවත පවුඩර් ගැල්වීම වගේ දේවල් නිසා සමේ තියෙන සියුම් සිදුරු අවහිර කරනවා. එය ඔබේ සමට ඉතා අහිතකරයි. ඒ නිසා ටිෂූ එකකින් මුහුණ පිසදමා හෝ මුහුණ හොඳින් සෝදා නැවත පවුඩර් අලේප කරන්න.

03. නිතරම මුහුණ ඇල්ලීම

ගොඩාක් වෙලාවට අපි නොදැනුවත්වම වගේ මුහුණට අත යන එක සාමාන්‍ය දෙයක්. නිතරම මුහුණ අතගෑම, කුරුලෑ කැඩීම වගේ දේවල් නිසා සමට ගොඩක් හානි වෙනවා. මේ නිසා ඉක්මනින් මුහුණ රැලි වැටීමට පටන් ගන්නවා වගේම අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීම නිසා ඔයාගේ මුහුණේ සම ආසාදනය වී කුරුලෑ වගේම වෙනත් චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුරුද්ද අදම අත්හැර ගන්න.

04. අනවශ්‍ය ලෙස ක්‍රීම් ආලේප කිරීම

මුහුණේ ක්‍රීම් ආලේප කරන විට එය අනවශ්‍ය ලෙස ආලේප කරන්න එපා. ඉතා හොඳ පෝෂණයක් දෙන ක්‍රීම් එකක් වුවත් ඝන තට්ටුවක් ලෙස මුහුණේ ආලේප කිරීම සුදුසු නැහැ. නිතරම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ගැල්වීමෙන් වැළකිලා හැකි සෑම වෙලාවකම ස්වභාවික දේවල් අලේප කරන්න උත්සාහ කරන්න. ඒවායින් සමට වෙන හානිය අවම කරන්න පුළුවන්.

05. ඇස් පොඩි කිරීම

ඇතැම් අය ළඟ තියෙන නරක පුරුද්දක් තමයි මේක. නිතරම ඇස් පොඩි කිරීමෙන් ඇස් යට යාම වගේම ඇස් පිහාටු ගැලවී යනවා. ඒ වගේම මේක ඔයාගේ ඇස් වලටත් හානිදායකයි. ඒ වගේම ඇස වටා සම රතු පැහැවීම හා ඇස් වලට විඩාබර පෙනුමක් ලැබෙන්නත් හේතු වෙනවා. ඒ නිසා මේ පුරුද්ද මඟ හැර ගන්න. ඇස් වලට විවේකය ලබා දෙන්න.

06. නාපු ගමන්ම කොණ්ඩය පීරනවද?

එහෙනම් ඔයා ඔයාගෙම කොණ්ඩයට හානි කරගන්නවා. තෙත කොණ්ඩය පීරීම කෙස් අග පැලීමට එක හේතුවක්. ඒ වගේම තෙත පිටින් කොණ්ඩය පීරීමෙන් කෙස් ගැලවී යාමද වැඩි වෙනවා. කොණ්ඩය නීරෝගීව තබා ගන්න නම් නෑමෙන් පසු පළමුවෙන්ම තුවායකින් කොණ්ඩය තෙත මාත්තු කරන්න. තදින් පිස දමන්නත් එපා.

07. කොණ්ඩයට අධික උෂ්ණත්වය සහිත උපකරණ භාවිතයෙන් වළකින්න

විශේෂයෙන් කාන්තා පාර්ශවය කොණ්ඩෙට විවිධ විලාසිතා කරනවනේ. මේවා කරද්දී භාවිත කරන උපකරණ අධික උෂ්නත්වෙකින් යුතු වුනොත් අධික ලෙස හානි වෙනවා. හිසේ තෙතමනය නැතිව යන්නත්, කෙස් අග පැලෙන්නත්, කෙස් ගසේ වර්ධනය බාල වෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය අධික උපකරණ නිතරම භාවිත කරන්න එපා.
2,845


Views
Beauty Treatments Gone Wrong