ADVERTESMENT
ADVERTESMENT
අසභ්‍ය ප්‍රකාශණ ළඟ තබා ගැනීමේ නීතිමය තත්ත්වය දැනගන්න

මේ වනවිට ඒ සම්බන්ධව නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. තුන්වැනි නීතියක් ගැන කතා කළත් එය පනතට ඇතුළු වී නැහැ. මේ වනවිට පවතින නීති දෙකෙන් එකක් වන්නේ 1927 අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ ආඥා පනත. අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ ආඥා පනත කිහිපවරක් සංශෝධනය වුණා. සංශෝධනය වී පැමිණි එක්තරා අවස්ථාවක් ලෙස 2005 සංශෝධනය හැඳින්විය හැකියි.

එහි පැහැදිලිව සඳහන් වන්නක් තමයි කිසියම් ආකාරයකට අසභ්‍ය දර්ශන, රූප, වීඩියෝ පට වැනි දේ මූලික වශයෙන් ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. මීට පෙර සමාජයේ පැවැති අසභ්‍ය පුවත්පත් මේ යටතේ අත්අඩගුංවට පත්වූවා. වීඩියෝ පට සම්බන්ධව 2005 දී තමයි සංශෝධන සිදුවුණේ.

1995 ලංකාව අත්සන් තැබූ ළමා අතියිවාසිකම් සම්මුතිය තුළ සඳහන් වෙනවා ළමයාගේ ගරුත්වය, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න කියන දේ. එවිට ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 1995 සංශෝධනය යටතේ කිසියම් ළමයෙකු කුලියට ගනී නම්, ඔහු බලපෑමක් කරගනී නම්, ඔහු පොළඹවා ගන්නවා නම්, තැටිගත කිරීමකට, පටිගත කිරීමකට හෝ අසභ්‍ය ප්‍රකාශනයකට එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් වැරදිකරුවන් ලෙස එහි සඳහන් වෙනවා.

ළමයින් යොදාගෙන නිල් චිත්‍රපට නිර්මාණය කර විදේශ රටවල ප්‍රදර්ශනය කරන ඒජන්තවරුන්ට නඩු ගොනුකර තිබෙනවා. එහි පැහැදිලිව සඳහන් වෙනවා ළමා ලිංගිකත්වය, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වන නීතියට අනුව කිසිම ළමයෙකු රූපවාහිනී දැන්වීමකටවත් යොදාගත නොහැකියි. කිසිම ලිංගික දැන්වීමකට යොදාගන්නත් බැහැ. වර්තමානයේ පවතින සෙල්ෆි භාවිත කර රූප හුවමාරු කරගන්නවා. මෙය මෙම පනත් දෙකෙන්ම බේරීම සිදුකරයි.

පරිගණක අපරාධ වැළැක්වීමේ පනතේ සමාජ වෙබ් අඩවි සඳහන්ව නැහැ. පෙර පනත් දෙකෙහිද අන්තර්ජාලය පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. අන්තර්ජාලය හරහා සෙල්ෆි හුවමාරු කරගැනීමේදී පොලීසියට පැමිණිලි කළ හැකියි. එහි ලිංගික දර්ශන පවතී නම් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු ගොනු කළ හැකියි.

අපේ පරිගණක අපරාධ පනත වෙනස් වියයුතුයි. පිලිපීනයේ එය ප්‍රබලයි. එහි Internet Service Provider වගකීම් තිබෙනවා නීති ගිවිසුම් දමා නැවැත්වීමට.

18 ට අඩු කෙනෙකු මේ කටයුතු සිදුකළොත්

ළමයින්ගේ ආරක්ෂාව මූලික වශයෙන් පැවරෙන්නේ භාරකරුවන්ට. දහ අටට වඩා අඩු කෙනෙකු සම්බන්ධව භාරකරුට පුළුල් වගකීමක් තිබෙනවා. ළමයින්ගේ ස්වාභාවික භාරකරු, සහජතර භාරකරු දෙමාපියන්. දෙමාපියන් නොමැති නම් හදාවඩා ගත් දෙමාපියන්. තාවකාලික භාරකරුවන්ද සිටිය හැකියි. ඔවුන්ට වගකීමක් තිබෙනවා මෙවැනි දේ ළමයින් භාවිත කරනවා නම් එහි වගකීම භාරගන්න. ළමයෙකු අත්අඩංගුවට ගැනීමේදී විශේෂ ආරක්ෂාවකට යටත්ව සිදුකළ යුතුයි.

අසභ්‍ය දර්ශනවලට කැමැත්තෙන් පෙනී සිටියොත්

එය වැරදියි. අසභ්‍ය ප්‍රකාශ පනත අනුව නිරුවත් දර්ශන සඳහා මුදල් නොමැතිව පෙනී සිටියත් ඒ ඡායාරූපය මුද්‍රණය කරන්නා වගකීමට භාජනය වෙනවා. පෙනී සිටින්නාගේ චේතනාව විමසා බලා අධිකරණයේ නඩු පවරනවා. මෙහි මූලික වගකීම චිත්‍රපට නිර්මාණය කරන නිෂ්පාදක, ඡායාරූප ශිල්පියා හෝ ආයතන සතුයි. මුද්‍රණ ආයතනයකට කෙනෙකු එවැනි දෙයක් ප්‍රසිද්ධ කරන්නට පැමිණියහොත් ළඟම පොලීසියට දන්වන්න. එසේ නොමැති වුවහොත් ඔබ කරන්නේද මූලික වරදක්.

ළමා අසභ්‍ය දර්ශන ළඟ තබාගතහොත්

ළමා අසභ්‍ය දර්ශන ළඟ තබා ගතහොත් ඇමෙරිකාව, පිලිපීනය වැනි රටවල ළමා ලිංගිකත්වය හා ළමයින්ට එරෙහි දර්ශන ළඟ තබාගැනීමට විරුද්ධ පනත් ක්‍රියාත්මකයි. ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ. ළමයින්ගේ එවැනි දර්ශන ළඟ තබාගතහොත් නඩු කටයුත්තක සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකියි. මේ විශේෂ ප්‍රතිපාදන යටතේ ඕඩියෝ, විඩියෝ තැටිගත කිරීම්, පටිගත කිරීම් යොදාගත හැකියි. එවිට එම සිසුවාව රූපගත කරන්නා වරදකරුය. ළමයා ඒ තැනට පොළඹවන්නා වැරදිකරු වෙනවා.

ජංගම දුරකථන පරීක්ෂාව

ජංගම දුරකථන වර්ග දෙකක් තිබෙනවා 3G හා 3G නොවන. එහිදී අන්තර්ජාලයට සම්බන්ධ නොවන ඒවාට තහනමක් ගැනීම සඳහා උසාවි නියෝගයක් තිබිය යුතුයි. යම්කිසි ආකාරයක සන්නිවේදනයක් උසාවි අපරාධ නඩුවකට අවශ්‍යයි නම් පමණයි. ඒ හැරුණු විට අත්අඩංගුවට ගැනීමට හැකියාව නැහැ. දුරකථනයක අසභ්‍ය වෙඩ් අඩවියක් තිබෙනවා නම් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා තහනම් කළ හැකියි.

ජංගම දුරකථනයකින් අසභ්‍ය දර්ශන බැලුවොත් රාජසන්තක කරනු ලබනවා කියා කිසිම තැනක සඳහන්ව නැහැ. ඒවා වාණිජ පරමාර්ථයෙන් ගනුදෙනු කරයි නම් හෝ මුදල් ලබාගනී නම් එය වරදක්. බස්වල කාන්තාවන් ගමන් කරන විට අසභ්‍ය දර්ශන පෙන්වයි නම් එය වරදකට පොළඹවා ගැනීමේ සාක්ෂියක් බවට පත් වෙනවා. එය වරදක්. සැක සිතෙන ආකාරයක් තිබුණහොත් අත්අඩංගුවට ගැනීමේ බලයක් තිබෙනවා.

අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ සෝදිසි මෙහෙයුම් සහ අත්අඩංගුවට පත්වීමේ නීතිමය පිළිවෙත

ඇමෙරිකාවේ නවයයි එකොළහ සිදුවීමෙන් පසු දේශප්‍රේමී පනත ගෙන ආවා. එහි ඇති එක් දෙයක් තමයි කෙනෙකු අල්කයිඩා, තලෙයිබාන්, ISIS සම්බන්ධ බවට සැකයක් තිබේ නම් සෝදිසි වරෙන්තුවක් නොමැතිව පරිගණකයක් අත්අඩංගුවට ගත හැකියි. ලංකාවේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා.

පොලිස් නිලධාරීන් ඉදිරිපිට පරිගණකය මගින් අසභ්‍ය දර්ශන බලනවා නම් එය වරදක්. කෙනෙකුගේ පරිගණකය කිසියම් අපරාධයක් සඳහා සෝදිසි කිරීමට අවශ්‍ය නම් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලබනවා. මූලික වශයෙන් කුමන කාරණාව සම්බන්ධවද සැක කරන්නේ, කුමන කාරණයටද ගෙනයනු ලබන්නේ යනුවෙන් සොයාබැලිය යුතු වෙනවා. එවිට පමණයි සෝදිසි වරෙන්තුවක් ඇතිව පරිවාස හා ළමා කාන්තා පොලිස් නිලධාරිනියන් සමග ගොස් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන්නේ.

සෝදිසි කරන්න වරෙන්තු ඕනෑ

යම්කිසි කෙනෙකුගේ පරිගණකයක් අත්අඩංගුවට ගැනීමට නම් විවෘත වරෙන්තුවක් තිබිය යුතුයි. විවෘත වරෙන්තුවක් ගෙන පැමිණීමේදී එම පුද්ගලයා පැනයාමට උත්සාහ කරයි නම් ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි. මුන්දලම සිදුවීමක් මම කියන්නම්. මුන්දලම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගමන් කරන විට පොලීසිය දැක එක් සිසුවෙකු දුවන්නට පටන් ගන්නවා. එය පොලීසියට සැකයක් බවට පත්වෙනවා. එවිට පොලීසිය ළමයා හඹා යනවා.

එම සිසුවාගේ ලැප්ටොප් එක ගෙන එය ක්‍රියාත්මක කර පරීක්ෂා කිරීමේදී එහි ප්‍රභාකරන්ගේ ඡායාරූප හයසියයක් පමණ තිබෙනවා. පොලීසියට ඒ පිළිබඳ සැකයක් ඇති වුණා. ඔවුන් මොහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ ලැප්ටොප් එක වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අපරාධ අංශයට යොමු කළා. එහි ත්‍රස්තවාදය සම්බන්ධව සාධාරණ සැකයක් තිබෙනවා. නමුත් ලිංගිකත්වයත්, ත්‍රස්තවාදයත් වෙනත් කාරණා දෙකක් නිසා ඒ නීතිමය තත්වයන් දෙකක්.

වෙබ් අඩවි වාරණය

මූලිකවම වෙබ් අඩවි තහනම් කිරීම ආරම්භ කළේ ජාතික ළමාරක්ෂණ අධිකාරියට අනුබද්ධව සිටි පොලිස් ස්ථානාධිපතිතුමා. ඔහු බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙබ් අඩිවි දහසක් තහනම් කළා. පසුව තවත් වෙබ් අඩවි පන්දහසක් තහනම් කරනු ලැබුවා. මහේස්ත්‍රාත්තුමා ඒ සඳහා අනුමැතිය ලබාදුන්නේ ළමයින් ආරක්ෂා කිරීමේ අරමුණින්. මෙලෙස දිගින් දිගට සිදුකරගෙන යාමේදී ව්‍යාපාරිකයන්ට ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා ඔහුට ප්‍රශ්න ඇති වුණා. මූලික වශයෙන්ම මෙහි වගකීම ළමයින්ට සෙල්ෆෝන් ලබාදෙනවිට ගත යුතුයි. මේ දේවල් වෙබ් අඩවි තහනම් කිරීමෙන්ම පමණක් සිදුකරන්න හැකියාවක් නැහැ.
6,238


Views
Learn the legal status of containing Porn Videos