ADVERTESMENT
ADVERTESMENT
විවාහයකදී පොරොන්දම් ගැළපුනොත් ඇතිද ?

විවාහය යනු පෞද්ගලික හා සමාජමය වශයෙන් අතිශය වැදගත්කමක්‌ නිරූපණය කරන එකිනෙකට අසමාන චරිත දෙකක්‌ එක්‌තැන් කරන අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැක. පුළුල් අර්ථයකින් බලන විට විවාහය යනු ලිංගිකත්වය ඉක්‌මවා යන අධ්‍යාත්මික සමබරතාවකින් හා සමාජීය වටිනාකමින් යුත් බැඳීමකි. හැඩරුව, පෙනුම ආදී දේහ ලක්‍ෂණයන්ට අමතරව සමාජ, ආර්ථික සාධක ගණනාවක්‌ම සාර්ථක විවාහයක්‌ කෙරෙහි බලපානු ලබයි. මෙවැනි වූ සාධක කොතරම් සතුටුදායක වුවත් විවාහ අපේක්‍ෂක යුවළගේ කායික, මානසික, චිත්තවේගික ශක්‌තීන් අතර අෙන්‍යාන්‍ය ගැළපීමක්‌ නොමැති වුවහොත් සාර්ථක යුගදිවියක්‌ ගතකිරීම අසීරු වේ.

පොරොන්දම් ගැළපීම සඳහා පාදක කොටගනු ලබන්නේ උපන් නැකතයි. කෙනෙකුගේ උපන් නැකත අනුව එම පුද්ගලයාගේ කායික මානසික තත්ත්වය චිත්තවේග ශක්‌තීන් නිවැරැදිව හඳුනාගත නොහැකි වේ.

චූල නක්‍ෂත්‍රයේ සිද්ධාන්තයකට අනුව හඳුන්වා දී ඇති විසි පොරොන්දම මගින් දෙදෙනකුගේ කායික මානසික ගැළපීම පිළිබඳව අනාවරණය වන්නේ 10% කට වඩා අඩු ප්‍රමාණයකි.

ඈත අතීතයේ සිට අද දක්‌වාම ජන සමාජය තුළ පොරොන්දම් ගැළපීම සම්ප්‍රදායික ක්‍රමවේදයක්‌ ලෙස පැවතෙයි. කෙසේ වෙතත් පොරොන්දම් කොපමණ සංඛ්‍යාවක්‌ ගැළපේද යන්න ප්‍රකාශිත අගය මත පමණක්‌ විවාහ අපේක්‍ෂිත ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ චරිත ස්‌වභාවය, චිත්තවේගික පසුබිම, දරුඵල, ආර්ථික තත්ත්වය, විවාහ සතුට, වැන්දඹු භාවය, දික්‌කසාදය, අනාගත දියුණුතාව, වෘත්තීය නැඹුරුතාවය යන විවාහ ජීවිතයට වැදගත් සාධක අනාවරණය කරගත නොහැක.

විවාහ ගැළපීම විසි පොරොන්දම්වලට පමණක්‌ කොටුවූ තත්ත්වයන් තුළ යුගදිවිය අසුන්දර අත්දැකීමක්‌ කරගත් අය අද සමාජයේ බහුලව දක්‌නට ලැබේ.

උගත් ජ්‍යෙdතිෂවේදියකුට ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍ර ගැළපීම මගින් දෝෂ අවම වශයෙන් පවතින තත්ත්වයක්‌ තුළ විවාහය සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක්‌ දිය හැක. ඒ සඳහා සමස්‌ත කේන්ද්‍රගත ග්‍රහ බලය ශාස්‌ත්‍රානුකූලව අධ්‍යයනය කොට ශුභ අශුභ තත්ත්වයන් පිළිබඳව තර්කානුකූල විමර්ශනයකට ලක්‌කළ යුතුය. පොරොන්දම්වලට අමතරව විවාහයට බලපාන විශේෂිත වූ ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ පවතී. මේ සියල්ල පිළිබඳව තුලනාත්මක විශ්ලේෂණයකින් අනතුරුව විවාහය පිළිබඳව වඩාත් සාධාරණ ජ්‍යෙdතිෂමය විවරණයක්‌ ලබාදිය යුතුයි.

විවාහයට කේන්ද්‍ර ගැළපීමට ප්‍රථම එම කේන්ද්‍ර නිවැරැදි දැයි පරීක්‍ෂා කළ යුතු වේ. මෙසේ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව කේන්ද්‍රය නිවැරැදි බව දැනගත් පසු එම කේන්ද්‍ර තුළ වැදගත්කම අවධාරණය කෙරේ. මෙම භාවය විවාහ සහකරු, විවාහ සතුට, ලිංගික සබඳතා යන සියලු ආකාරයේ බැඳීම්, අෙන්‍යාන්‍ය අවබෝධය, පිළිගැනීම, ප්‍රතික්‌ෂේප වීම හා දික්‌කසාද වීම යන සාධකයන්ට සෘජු ලෙස බලපායි.
1,369


Views
Horoscope Matching