ADVERTESMENT
ADVERTESMENT
මියගිය කන්‍යාවන්ට සතුටු වෙන්න පුරුෂ ලිංග එකතුකර සෑදු උද්‍යානයක් මෙන්න Video & Photos

දකුණු කොරියාවේ Haesindang උද්‍යානය විවිධ උස ප්‍රමාණ වලින් හා විවිධ හැඩයෙන් නිමවූ පුරුෂ ලිංග මුර්ති වලින් බහුල උද්‍යානයකි. මෙය ඉදි කිරීම සම්බන්ධයෙන් වූ හේතුවද ඉතාමත් පුදුම සහගත කතාවක්.

ඉපැරණි පුරාවෘත්තයකට අනුව මියගිය කන්‍යාවන්ගේ ආත්මය සංතෘප්තියට පත් කිරීම සඳහා මෙම අද්විතීය ඍජු වූ ශිෂ්ණ උද්‍යානය නිර්මාණය කර තිබේ.

දකුණු කොරියාවට අයත් සින්නම්හි වෙරළබඩ ගම්මානය අසල හයිසින්ගන් පාක් වෙත පැමිණෙන අමුත්තන්ට මෙවැනි ඍජු වූ ශිෂ්ණ පෞරාණික ප්‍රතිමා 300 ක් පමණ දැකගත හැකිවෙනවා. ධීවර සැමියෙක් ඔහුගේ මනාලිය වෙරළේ ගල් පරයක් උඩ තනිකර මසුන් ඇල්ලීම සඳහා ගියත් ඔහු ආපසු පැමිණෙන්නේ නැහැ. එහෙත් මෙම මනාලිය ඔහු එනතෙක් දිගටම බලා සිටි අතර කුණාටුවක් පැමිණ ඇය මුහුදේ ගිලි මිල යනවා. ඒ වන විටත් කන්‍යාවක් වන ඇයගේ ආත්මය සතුටු කිරීම පිණිස මෙලෙස සංසර්ගික හැඟීම් ඇතිකරවීමට ඍජු වූ ශිෂ්ණ වලින් පිරින් උද්‍යානය එම ස්ථානයේ ඉදි කිරීමට හේතුව බවයි පැරැණ්නන් පවසන්නේ.

නමුත් තවත් සමහරක් ගම්වාසීන් පවසන්නේ ගල්පර අතර සිරවී මියගිය කන්‍යාවගේ අවතාරය එහි පෙනී සිටීම හේතුවෙන් එහි මුහුද අවට මසුන් අතුරුදහන් වූ අතර ධීවරයින්ට මෙම ව්‍යසනයෙන් මිදීමට ඇයගේ ආත්මය සුවපත් කිරීම සඳහා මෙම ප්‍රතිමා නිර්මාණය කළ බවයි.

උද්‍යානය නරඹන්න පැමිණෙන අමුත්තන්ගේ ඇස් උඩ ඉන්දන අඩි 10 ක් පමණ උස කොන්ක්‍රීට් වලින් නිම කළ ස්වභාවික පෙනුමෙන් යුත් ශිෂ්ණය මෙහි ආකර්ෂණය වැඩිපුර ඇදගන්නට සමත් වි තිබෙනවා.

තවත් මිනිස් මුහුණක් සහිත ඇනුමක් අරින ප්‍රතිමාවක මිනිසාගේ දිව වෙනුවට ශිෂ්නයක් එළියට නෙරා එන ලෙස කර තිබෙන නිර්මාණයද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වි තිබීම විශේෂත්වයක්.

මෙම උද්‍යානයේ මිනිස් ලිංගික අවයව පමණක් නොව තල්මසුන්, වලසුන්, බළලුන්, සීල් මසුන් සහ මීයන් වැනි ක්ෂීරපායී සතුන්ගේ සැබෑ ලිංගික අවයව රාශියක්ද සංරක්ෂණය කර තිබෙනවා.

මෙම උද්‍යානය අසල වෙළෙඳසල් වල ලිංගික අවයව ස්වරුපයේ බොහෝ නිර්මාණ විකිණීම සඳහා තබා තිබෙනු එහි ගිය සැමට දැකගත හැකි වෙනවා.
ලෝකයේ විශාලතම ලිංගික අවයව කොටස් එකතුවක් වන මෙම උද්‍යානය 2007 වසරේදී මහජනතාවට විවෘත කරන ලදී.

මෙම උද්‍යානයට සෑම අවුරුද්දකම 12,000 ක් පමණ නරඹන්නන් පැමිණෙන බව වාර්තා වන අතර, ඔවුන්ගෙන් 60% ක්ම කාන්තාවන් වන අතර එයට හේතුව අවට පරිසරය පිළිබඳව ආකර්ෂණීය කතා වලින් ප්‍රසිද්ධ වීම නිසා බවයි ඔවුන් පවසන්නේ.















16,012


Views
Haesindang Park, Penis park in South Korea