ADVERTESMENT
ADVERTESMENT
සිරුර පුරා ගස් වැවෙන අරුම පුදුම දැරියක්

ලොව පුරාම විිවධ දුර්ලභ රෝග හටගන්නා මිනිසුන් පිලිබදව වාර්තා වේ. සාමාන්‍ය රෝග වලින් ඔබ්බට ගොස් සෑදෙන මෙවැනි දුර්ලභ රෝග වලට ලක්වුවන් මුහුණ දෙන ලොකුම ගැටලුවනම් මෙවැනි රෝග වලට ප්‍රතිකාරද දුර්ලභ වීමයි. මේ එවන් රෝගයකට ගොදුරු උනු දැරියක් පිලිබදවයි.

දස හැවිරිදි සහානා බාන්ටු දැරියගේ මුහුණේ තැනින් තැන ඉන්නන් හට ගත් අතර කල් යත්ම ඒවා ඉන්නන් නොවෙන බව ඔවුන්ට වැටහී ගොස් ඇත.

බංගලාදේශයේ උතුරු පෙදෙසේ වාසය කල සහානාව ඉන්පසු ඇයගේ පියා විසින් ප්‍රතිකාර සදහා ඩකා නුවර රෝහලකට ඇතුලත් කර ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කල වෛද්‍යවරුන් සැක පල කරන්නේ දැරියට වැලදී ඇත්තේ ට්‍රී මෑන් සින්ඩ්‍රෝම් නම් දුර්ලභ ජානමය රෝගය බවටයි.

මෙතෙක් මෙම රෝගයට මුහුණ පෑ සීමිත පිරිස සියලූම දෙනා පිරිමින් වන අතර ඇයට වැලදී ඇති රෝගය ට්‍රී මෑන් සින්ඩ්‍රෝම් නම් මේ වන විට එම රෝගය වැලදුනු ප්‍රථම ස්ත්‍රිය වන්නේ සහානා දැරියයි.

බැලූ බැල්මට සිරුර පුරා ශාඛ වැවෙන සේ පෙනෙන මෙම රෝගය ජානමය දෝෂයක් නිසා හටගන්නා අතර මීට පෙර බංගලාදේශයෙන් මෙම රෝගියකු ප්‍රථම වරට සොයා ගත් අතර ඔහු අබුල් බජන්දර් නම් විය.

අබුල්ට සැත්කම් 16 ක් සිදු කල අතර ඔහුගේ එක් අතකින් ඉවත්කල කොටස්වල බර කිලෝ ග්‍රෑම් 5 ක් පමණ විය. එමෙන්ම ඔහුට වසර ගනනාවක් යනතුරු සිය බිරිද හෝ දරුවා ස්පර්ශ කිරීමට පවා නොහැකි විය. අබුල්ට ප්‍රතිකාර කල පිරිසම සහානාගේ රෝගී තත්වය ගැන පරීක්ෂා කරන අතර එතරම් බරපතල නොවුනු ඇගේ තත්වය ඉක්මනින් සුව වනු ඇති බවට ඔවුන් පවසයි.

ඇයගේ වීඩියෝ සහ ඡායාරූප පහතින්..

















6,175


Views
Bangladeshi girl may be first female with 'tree man syndrome'